අනූශා 11 (අවසාන කොටස) – ‘ආදරය සහ වෛරය’

දැන් සිඩ්නි ඕස්ට්‍රේලියා වේලාව හරියට 7.45 යි. සැමදා පොරොන්දු රැකීමට බැඳී සිටින මම පොරොන්දු වූ පරිදි ‘අනූශා’ 11 (අවසාන ) කොටස මෙසේ පල කරමි.

ශිමාලි දූ, කසුන්, මම ‘අනූශා’  ඔබ දෙපොලගේ කිසිම බාධකයකින් නොසැලෙනෙ ඒ සදාකාලික උතුම් ආදරය වෙනුවෙන් පිළිගන්වමි.  ඔබ දෙපොල කිසිදා හදවත් වලින් වෙන් නොවේ.

අප ජීවත් වන සමාජය වෛරය, ඊර්ෂ්‍යාව සහ මෝහයෙන් පිරී දැඩි විෂමතාවයකට ලක් වී ඇත.

මිනිස් කම වනසන මෙවැනි අසත් ධර්ම හා ලිංගිකත්වය එක් වූ විට ඉන් ඇති වන ප්‍රතිඵල ඉතා භයානක හා විනාශකාරි විය හැකිය. ගැහැණියක ගේ යෝනිය ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතර එයින් රුදුරු බෝම්බයකටත් වඩා විනාශයක් ගෙන දීමටද පුලුවන.

මා ‘අනූශා’ නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වූයේ මෙම පණිවිඩය පාඨක ඔබට රස වින්දනයක් තුලින් ලබා දීමය. ලිංගික සැප මිනිසාට අත්‍යාවශ්‍ය දෙයකි. එහෙත් එය ලබා ගත යුත්තේ ආදරය සමග එකට මුහුන් කිරීමෙන්ය. ‘අනූශා’ තුලින් මම මේ තත්ත්වය විකාශණය කිරීමට උත්සාහයක් ගත්තෙමි.

ආදරයේ ඇති බලවත්කම හා උත්තරීතර භාවය ‘අනූශා’ තුලින් මා ලබා දෙන්නට උත්සාහ කල තවත් කරුණකි. ආදරය යනු මිනිසාට සුවය හා සැනසීම ලබා දෙන ඇට මිදුලු තුලට කා වදින හැඟීමකි.

කිසිම දිනක නිර්මල ආදරයකට බාධා නොකරන්න. අකුල් නොහෙලන්න. එසේ අකුල් හෙලීම හෝ බාධා කිරීම මුලු මහත් මිනිස් සංහතියටම සිදු කරන බලවත් අපරාධයකි. ආදරයට ආදරය කරන්න. ඔබට නිත්‍ය සැනසීම ලැබීමට එය මහෝපකාරි වනු ඇත.

මෙතෙක් කල් ‘අනූශා’ සමගින් මා සමග රැඳී සිටි ඔබ සැමට සදා ජය පතමි.

මනෝ

Anusha_11

Posted on October 29, 2012, in Sinhala Story. Bookmark the permalink. 47 Comments.

  1. mechchara kal anusha katawa genawata obata thanks.marama storiyak.me wagema tawath storyk aragena waren.storynam supiri.goodluck

  2. ada 1st cmnt eka magen…..
    Mano uncle me kathawa elakiri wage.. Meka danma ewara karapu ekata api hamaroma wage dukai. Mama hithanawa oya kathawa iwara karata XSLG wala jeewathaya iwara karanne nathi wei kiyala. Oyagen me wage thawa katha api balaporoththu wenawa.#@#@#@
    —PlayBoy—

  3. supiri storiya machan….

  4. Thx Mano aiya kathaawata, aiya kiyana kathaawa ethule thawath godak dewal thiyenawaa,apita kathaa karanna puluwan nam api kathaa karamu

    Thx for the nice story aiya

    • machan,
      umbala ‘ahusha’ gen vindhanayak ekkama yam aadharshayakuth labaa gaththaa nam magea uthsaahaya saarthakayi.

      aadarayata aadaraya karamu. ehema karaama raagaya nisaa jeewitha vinaasa wenne nae.
      raagaya upadhinna oena aadaraya mul kara gena. anith paththata vunoth eken vinaasayak wenawa.

      mano

  5. පථවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදුනු ඇස, කණ, නාසය, දිව, කය සහ මනසක (පංච උපාදානස්කන්ධයක)අවසානය.
    තිදෙනාටම නිවන් සුව ලැබේවා.

    ‍යන්තන් ඇති මගෙ ඇගට ලේ ටිකක් ඉනුවා සුරන්ගගේ පව්ලට කරදරයක් උනේ නැති නිසා.
    මනෝ උබ හොද මහත්මයෙක් සහ හොද රචකයෙක් විදිහට අපි ආදරය කරන චරිත සියල්ලම කතාව අවසානයෙදී ආරක්ශා කරලා තියෙනව.
    මේ කතාව වගේම තවත් රසවත් කතාවක් අපි උබගෙන් බලාපොරොත්තු වෙනවා.
    උඹට සදා ජය වේවා. සම්මා සම්බුදු සරණයි.

    • මචන්,

      අවසානයේ ආදරය, දයාව, කරුණාව, සානුකම්පිත භාවය ජය ගන්නවා.

      වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නිසා ලෝකය කිලුටු වුනත් ඒවට දීර්ඝායුෂ නැහැ.

      තාවකාලිකව හිතට දුකක් ගෙන දුන්නත් ආදරය කියන්නෙ සදා සැනසුම දෙන දෙයක්.

      තාවකාලිකව ‘සැපක්’ දුන්නත් රාගය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව නිසා කිසිම දීර්ඝ කාලීන සුවයක් ඇති වන්නෙ නැහැ.

      මනෝ

      • “කදුළැලි දෑසේ නැහැ රදවා
        කිසිදා ඔබගේ ජීවිතේ
        නොසැලෙන් ආයේ මා හඩවා
        තනිවී නැහැ ඔබ මේ ලෝකේ

        මුලු රෑ මා නොනිදා ඊයේ
        සිතුවේ ඔබ ගැන දෑස වසා
        වරදට ලෝකේ කලමුත් ශාපේ
        ඔබ නැහැ වැරදි දයාවියේ”

        ‘ඉන්නට අයේ අවසර මාගේ
        ඔබ සීතාවයි මගේ ලෝකයේ”

        මචන් මනෝ “අනුශා” කතාව කියවනකොට සුරන්ග ගත්තු තීරණය ගැන මට තේරුම් ගියේ රාජු බන්ඩාරගේ මේ සින්දුව ඇහුවමයි.

        කොහොම වුනත් මනෝ මම හිතන්නෙ නැහැ “අනුශා” කියවපු කාටවත් අනුශටවත්, නිශාන් දිවාකරටවත් පලවෙනි ගල ගහන්න පුලුවන්? වෙයි කියලා.
        සුරන්ග, නදී සහ ලක්මිණි දිවාකර මහත්මිය වගේ චරිත අද සමජයේ ජීවත් වෙනවද කියලත් පුදුම හිතෙනවා.

        උඹට උත්තර දෙන්න කැමතිනම් මම ප්‍රශ්නයක් අහන්නම්, නමුත් උඹ උත්තර දෙන්න බැදිලා නැහැ.

        මගේ ප්‍රශ්නය මේකයි
        සහීනා කතාවේ සජිත් වගේ සැමියෙක් අනුශාට හිටියනම් අද අනුශාගේ අනාගතය මොනවගේ වෙයිද??

        සුරන්ග අනුශාව නැවත බාර ගන්න අකමැති වුනොත් අනුශාගේ ඉරණම මොකක් වෙයිද??

        අනුශා වගේ අන්සතු බිරිදක් සෙල්ලම් බඩුවක් වගේ පාවිච්චි කරලා ඇති වුනාම පැත්තකට කරන්න නිශාන් දිවාකරට පුලුවන් උනේ කොහොමද?????

        මනෝ උඹ උත්තර දෙන්න බැදිලා නැහැ

        මම අනූශා කතව print කරලා හෙට library එකෙදි binding කරනවා. එ වගේම මෙ කතාවට ලැබුනුcomments මම ප්‍රින්ට් කරනවා. කවදා හරි මගේ නන්ගි කෙනෙක් හෝ මිතුරියක් විවාහ වෙන දවසට මම “අනූශා” novel එක ඒ අයට මම තෑග්ගක් හැටියට දෙනවා. නිශාන් දිවාකරලගෙන් බේරෙන්න ඒ අයට “අනූශා” novel එක ලොකු පිටුවහලක් වෙයි.

      • මෙන්න ප්‍රශ්න වලට උත්තර;

        ලක්මිණි, සුරංග, නදී වගේ චරිත අද සමාජයේ ඉන්නවා. අඩු වෙන්න පුලුවන්, ඒත් ඉන්නවා. මගේ සහකාරිය ගොඩක් ලක්මිණි වගේ. නදී වගේම මම දන්න ගෑණු ළමයෙක් (සිංහල ) සිඩ්නි වල ඉන්නවා.

        සජිත් වගේ සැමියෙක් අනූශාට හිටියනම් නදී වගේ ගෑණු ළමයෙක් බිහි වෙන්නෙ නෑ. එහෙනම් නදී කියන්න හැම පිරිමියත් එක්කම වල් කමේ යන වේසියෙක් වෙනවා. ඒ එක්කම අනූශා, සජිත් දෙන්න විවෘතව අනාචාරයේ ගිහින් විනාශ වෙනවා. මේ වගේ පවුල් අද විශේෂයෙන් ඉහල කියල හිතාගෙන ඉන්න ඊනියා සමාජයේ ඉන්නව.

        සුරංග අනූශා බාර ගන්න අකැමැති වුනානම් අනුශා උන්මාද තත්ත්වයකට පත් වෙනවා (schizophrenia). ඒකෙන් ගැලවෙන්න ඇයට බැරි වෙනව. ඒ හින්දා මුලු ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා. සුරංගගේ ආදරය අවබෝධය හින්දා අනූශා සුවපත් වුනා.

        නිෂාන් දිවාකර මෙහිදී හිතුවෙ තමන් ගැන විතරයි. තමන්ට ඇති වෙන්න පුලුවන් අවනම්බුව, ඒ වගෙම ලක්මිණි ගෙ පවුලෙන් ඇති වෙන්න තිබුන වෙන් වීම හා දෝෂාරෝපනයෙන් මිදෙන්න එහෙම කරා. ඒ කියන්නෙ නිෂාන් ගෙ අනූශාට තිබුනේ අවස්ථාවදී සම්බන්ධයක් මිස නියම ආදරයක් නොවෙයි. මේක ගොඩක් සොර සැමියන්ගෙ නරුම ගතිය.

  6. මනො……
    මට ඒත් හිතුණා අනුශාට පුළුවන්ද යොනියට වෙඩි තියාගන්න නේද හොඳයි හොඳයි……

    • මචන්,
      අනූශා කියන්නෙ තමන් ජීවත් වූ පරිසරය සහ බලපෑම් නිසා වරදට පෙළඹුන කෙනෙක් මිස ආදරය, කරුණාව, දයාව හදවතේ නැති කෙනෙක් නෙමෙයි.

      එහෙම අයට පවුලේ සහ සමාජයේ උදව් අවශ්‍ය වෙනවා. අන්තිමේදී අනූශාට ඒව හරියට ලැබුන හින්දා එයා වැරදි වලින් මිදිල හොඳ ජීවිතයක් අරගෙන ගියා.

      අපි අනූශාවන් සමාජයේ දුටුව හොත් එයාලට දෙන්න පුලුවන් සහයෝගය දෙමු. මම හිතනව ඒක මානුෂික මෙහෙවරක් කියල.

      මනෝ

  7. very niz story,nikanma sex kathavakata vada vadagath kathavak,thnx for writin such astory for us.

  8. මම මේ සයිට් එකට අලුත් . මන් දාන දෙවෙනි comment එක මේ .
    මන් හරිම දුකෙන් හිටියේ අනුශා අන්තිමේදී මැරෙයි කියල බයෙන් . අපි කිසි කෙනෙක් පරිපුර්ණ නෑ . වැරදි නොකරන්නෙ කවුද … ඒකයි මිනිස් සවාබාවය . ඒ වගේම ඒ වැරදි වලට සමාව දෙන එක හරිම උතුම් දෙයක් . සමාව දෙනවා වගේම , ඒ වැරදි කරන කෙනාට හරි දේ මොකක්ද කියලා අවබෝද කරලා දෙන්න පුළුවන් නම් ඒක ඊට වඩා උතුම් . හුගක් ස්තුතියි ඔයාට අනුශට අවස්ථාවක් දුන්න එකට . මට වචන වලින් කියන්න බෑ ඔයා කතාවට ඉටු කරලා තියෙන සාදාරණේ ගැන . මට අවසරයිද ඔයාව ඔයාගෙම කතාවේ පලවෙනි කොටසට අරගෙන යන්න … ?
    ” මේ සංසාරයේ ඉන්න කම්ම ඔයා මගේ . මම හැම දාම ඔයාගේ විශ්වාස සහකාරිය මගෙ සුරංග ”
    මේ මෝඩ මට ඕන වුනේ අවසානයේදීත් මේක මේ විදියටම පවතිනවා දකින්න . ඒක ඒ විදියටම වුනා . මොකද වැරදි කරන මොන කෙනාට වුනත් තව අවස්ථාවක් දෙන්න බැරි කමක් නෑ .

    මන් කතාවේ අවසානය වෙනකම්ම අනුශා වෙනුවෙන් ඇඩුවා , එයා හොද කෙනෙක් වෙනකම්ම . අන්තිමේදී නදියි රෙහනුයි වෙනුවෙන් . ඉෂානි නෙවෙයි , මෙච්චර කාලෙකට පහලවෙච්ච නරකම හිත වුනත් උනුවෙනවා ; වෙනවමයි . කිව්වත් වගේ නිර්මල ආදරේ උච්චතම අවස්ථාවයි මේ .

    *****************************************************************************************************************
    දැනුයි මට , අනුශා 11 වන කොටසේ පෙරදක්මේදී ඔයාගේ යාලුවෝ කියල තියෙන දේ තේරෙන්නේ . මෙහෙමයි යාලු . ” It’s never too late to mend ” ඔයා ඔයාගේ වැරදි හදාගෙන තියෙනවා . ඔයාට සමාව දුන්නු , ඒ කෙනා වෙනුවෙන් ඔයාගේ මුළු ජිවිතයම කැපකරන්න . එයාට හුගක් ආදරේ දෙන්න , දැනෙන්න ආදරේ කරන්න . එයත් ඔයාගේ හදවතේ පත්ලටම දැනෙන්න ආදරේ කරයි . දැනටමත් එහෙම ඇති . එතකොට හදවතේ ගබුරේම තියෙන ඔය තුවාලේ හොදවෙයි . ඒත් ඒකට කාලයක් යනවා . එතකන් ඔයා කල්පනාවෙන් වැඩ කරන්න . මොකද දැන් ඔයා මුළු හදවතින්ම ආදරේ කරන කාන්තාවට පුළුවන් ඔය දෙන්නගේ ලෝකේ දිව්‍යය ලෝකයක් කරන්න . එයා එහෙම කරනවමයි . ඒත් එයාට උදව් කරන්න . සුනදරවෙයි ඔයාගේ ජිවිතේ කවදාවත් නොවුණු තරමට .

    පරිපුර්න නොවෙන අපි වැරදි කරන්නත්නම් වෙන කවුරු කරන්නද මචන් ? මනෝ , මෙච්චර වැරදි කරපු අනුශට සමාව දුන්නු ඔයාට , තමන්ටම සමාව දෙන්න පුළුවන් . අනුශට සමාව දුන්නු ඔයාටත් , ඔයාට සමාව දුන්නු එයාටත් හරි ලස්සන හදවත් තියෙන්න ඕනේ . ඒකෙ ආයේ දෙකක් නෑ . ලස්සනට ජිවත් වෙන්න ….. ආදරේට ආදරේ කරන්න . සේරම හරියාවි යාලුවේ . එතකන් ඒ සුන්දර බලාපොරොත්තුවත් එක්ක ජිවත් වෙන්න ඔබට සදා ජය !

    තාමත් දුකින් නම් …., ඔයාගේ බිරිදට වැරැද්ද කරේ ඔය නෙවේ . ඔයාව ආක්‍රමණය කරලා යටපත් කරපු යක්ෂයා . යක්ෂයා ඔයා තුලින් දැන් ගිහින් …. ඉතින් ඇයි මනෝ තාමත් දුකින් …? මෙහම හිතන්න .

    ” ඈ දූෂණය කිරීමට පෙර පවිත්‍රව සිටියාය ….. දුෂණය කරනු ලැබූ අවස්ථාවේදීද ඈ පවිත්‍රය . දූෂණය කරනු ලැබීමෙන් පසුවද ඈ පවිත්‍රය …. ”

    ඔයාට හිතන්න පුංචි දෙයක් . මොකද ඔයා නෙවේ වැරැද්ද කරේ . ඉතින් මේ ගෑණු කෙනා වගේම ඔයත් පවිත්‍රයි මචෝ . හිත ; එයා තමයි පාලකයා . වෙලාවකට හොදත් … තවත් වෙලාවකට නරකත් ඒක පාලනය කරනවා . මන් තවත් මුකුත් කියන් නෑ . ඔයාට තේරෙන්න ඇති ඒකටයි මේ අහින්සක උත්සයහය . මන් මේ කියපු දේ සාරය උරලා හපේ විසික් කරන්න .

    ***********************************************************************************************************

    අපිට දෙන්න තව හිතන්න දෙයක් . දෙන්න හිතට ආහාර ටිකක් . ඔයා නැවතුනොත් අපිට බඩගිනි දැනෙයි මනෝ …. පෙන්නලා දෙන්න පොදු සමාජ වැරදි තවත් කතාවකින් . මොකද ඔයාගේ වචන බොක්කටම වදිනවා . මන් නරක කෙනෙක් නෙවේ . තාම ඉගෙන ගන්න එකෙක් . ඒත් ජිවිතයට එකතු කරගන්න දේවල් තියෙනවා මට . තව ඉගෙනගන්න ඕනේ හුගක් දේවල් .

    ඉතින් අපි වෙනුවෙන් ඔයාගේ මේ සත්කාර්යය ඉදිරියටම කරගෙන යනවා නේද මනෝ ..?

    • චනූ,

      ඔයාගේ ප්‍රතිචාරය කියවන කොට මගේ ඇස් දෙකෙන් කඳුලු කඩා වැටුනා කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ.

      ඔව්, ඔයා කියල තියෙන දේ 100% ම හරි. අනූශාට සුරංග සමාව දුන්න වගේම තමයි මාත් එක්ක තවම ඉන්න මගේ ඒ දෙව් දුවත් මට සමාව දුන්නෙ. එහෙම සමාව දුන්නෙ නැත්නම් අද ‘අනුශා’ ලියන්න මම මේ ලෝකෙ නැති වෙන්න පුලුවන්. මම මෙච්චර කල් මගේ හදවතේ ඇතිවුන (ඇති කර ගත්ත ) ඒ තුවාලයෙන් පීඩා වින්දා. ඇත්තම කිව්වොත් මේ වෙබ් අඩවියේ මම ඇහට නොදැකපු ඔයා වගේ යාලුවො මට ලොකු ශක්තියක් වුනා. ඒ හින්ද මට ඒ තුවාලේ දැන් නිට්ටවට සුව කර ගන්න පුලුවන් වෙයි.

      මගේ වැරදි නිසා ඇතිවුන දුක නැති කරගන්න මට මුලින් උදව් කරපු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි මගේ ඒ දෙව් දුව. අනිත් එක්කෙනා මම ළඟින්ම හිටපු කෙනෙක්. මම වැරද්ද කරපු කෙනාම මට සමාව දුන්නත් මට ඒ නරුම කම සම්පූර්ණයෙන්ම අමතක කරන්න බැරි වුනා.
      මගේ ඒ දෙව් දුවට ලක්මිණි දිවාකරගෙ ගති ගුණ තියෙනවා. ඒත් එයා ලක්මිණි තරම් සල්ලි වලින් පෝසත් නෑ. එයා සල්ලි වලින් හරිම දුප්පත් කෙනෙක්. ඒ වුනාට ගතිගුණ වලින් ලක්මිණි වගේම, සුරංග වගේම කෙනෙක්.

      මම මේ වෙබ් අඩවියෙන් හමු වුන හැම කෙනෙක්ම මගේ හදවතට ගොඩක් සමීප වුනා. ඒ අතරින් දෙන්නෙක් මගේ හදවතේ සදාකල් නොමැකෙන විදියට මුහුන් වුනා. ඒ දෙන්නා තමයි කසුන් සහ ශිමාලි. කසුන්ගෙයි ශිමාලිගෙයි අසීමිත ආදරය දැක්කම මට අමුතුම සිසිලක් දැනුනා. කෙතරම් බාධක ආවත් දෙන්නගෙ ආදරයේ කිසිම අඩුවක් වුනේ නෑ. තවත් ශක්තිමත් වුනා විතරයි. මම කලින් කිව්ව දෙන්නට පස්සෙ මගේ තුවාලයට මහඟු ඖෂධයක් වුනේ කසුන්ගෙයි ශිමාලිගෙය් ඔවදන් සහ ආදරය යි. ඒ එක්කම ඔය ගොල්ලො වගෙ සහෝදර සහෝදරියො, දුවල පුතාලා මට ගොඩාක් සෙවන දුන්නා.

      කසුන්ටයි ශිමාලිටයි ඇති වුන බාධක නිසා මගේ හිත පුදුම විදියට පෑරුනා. ඒ කොහොම වුනත් ඒ දෙන්න නොසැලී ඉන්නව දැක්කම මට ලොකු ශක්තියකුත් ලැබුනා. ඒ නිසා මට ඉස්සරහට කතා ලියන්න හිත හදා ගන්න පුලුවන් වෙයි. ඔය ගොල්ලො මේ කතා රස විඳිනව කියල දැන ගත්තම අපිට ලොකු හයියක් එනවා.

      කොහොම වුනත් මම ඉස්සරහට ලියන්නෙ ශෘංගාරය මුසු ආදර කතා විතරයි. ඒ කසුන් සහ ශිමාලි වගේම නිර්මල ආදරයෙන් බැඳිලා ඉන්න හැම යුවලකටම උපහාරයක් වශයෙන් කරන කැප කිරීමක් වෙනවා.

      ඒ නිසා මම ඉස්සරහට කතා ලියන්නම්. කසුනුත් ලියනව කියල මම හිතනවා. මම පොඩි විවේකයක් අරගෙන ඔය ගොල්ලො වෙනුවෙන් ආපහු එනවා

      මනෝ

      • මේ ලෝකේ මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ . හිත ; අන්න එයාව නමම ගන්න , හැකි තරමින් . නින්ද යන්න කලින් එක පාරක් හිතල බලන්න මම අද දවස ගතකරේ කොහොමද කියලා . එතකොට ඔයාට ඔයාගේ වැරදි පෙනේවි . ආයේ කවදාවත් නොවෙන්න ඒවා හදාගන්න පුළුවන් .

        කාලය ඔයාට විසදුම් දේවි . ඔයාව සුවපත් කරවාවී . ජිවිතේ සමහර දේවල් තියෙනවා අමතක නොවෙන . එත් ඒවා අමතක කරන තරමට අපි සුවපත් ; සතුටින් . අතීතයේ නෙවේ , අනාගතය වෙනුවෙන් …. වර්තමානයේ ජිවත් වෙන්න . මොකද ඒ දෙව්දුවගේ ලෝකේ ලස්සන කරන්න ඔයා හොදින් ඉන්න ඕනේ .

        පසුතැවිල්ල කියන දේ තියෙන්නේ …. හැම දාමත් දුක්වේවි ඉන්න නෙවේ. ඒක උදව් වෙනවා අපිට නිවැරදි වෙන්න . වරද අවබෝද වුනාට පස්සේ ඇති වෙනකන් අඩලා ඒක නිවැරදි කරගත්තනෙ ඒ ඇති . මොකධ ඔයාට යන්න තියෙනවා ගමනක් . දිගටම හරි පාරේ යන්න . පහසු නෑ කියලා දැනෙයි ඔයාට.. ඒත් යන්න . අත්වැලක් ලැබෙයි ඔයාට . ආලෝකය හොදයි . අපි හැමෝම
        ආලෝකයට කැමතියි . ආදරෙයි . එත් අදුරට…. එපා…අදුරට වයිර කරන්න …. ඔයා නෙවෙයි අදුර … ඒ ඔය වෙන්න බෑ …! දිගටම යන්න ආලෝකයේම… අවසානයේ ලැබෙයි සොදුරු අරමුණක් .

        බුදුසරණයි මනෝ …, අනාගතය ගැන හිතන්න . ගොඩනගන්න ඒක . ඒකටයි ජිවත් වෙනවා කියන්නේ . එහෙම ජීවිතයකට කෙනෙක් ජිවය පොවවී …. කවුද ..? ඔයා දන්න කෙනෙක් . ඔයාගේ නිර්මල ආදරය ……

        දන්නවද … කතාවෙන් ඔයාගේ හිත කියවන්න පුළුවන් …. හුගක් නෙවේ යන්තමට …. මන් අයෙත් කියනවා … ඔයා නෙවේ අදුර …. ඔයාට ලස්සන හදවතක් තියෙන්නේ ….. එත් දෙයක් වෙන්න ඕන … ලස්සන කරගන්න ඔයාගේ සිතිවිලි ….දවසින් දවස …. ඒකෙනුයි සාර්ථක මිනිසෙක් ගොඩනැගෙන්නේ ….. ඔබට සදා ජය !

      • දයාබර මනෝ,.
        උබේ කතාව දැක්කම මන් හිතන්නේ ශිමා විතරක් නෙවෙයි අනික් කෙල්ලොත් අඬන්න ඇති..එ වගේම මටත් ඇඬුනානේ…මොනව උනත් අපෙ අදරේ කවදවත් කැඩෙන්නේ නෑ මචං..ඒක ඉර හඳ වගේ විශ්වාසයි…මොනව උනත් උබේ කතාවෙන් අපිට තවත් ශක්තිය ආවා…අපෙ ආදරේ හැමදාම එකවගේ තියේයි…
        ඔව් උබ කිව්වා හරි මම ආයෙත් ලියන්න පටන් ගත්තා..මම කතාවෙ මුල් ටික ලියලා ඉවරයි,, මේ වගේයාලුවො ටිකක් දාලා යන්න මට බෑ ඇත්තටම…ඒකයි මම පොඩි නිවාඩුවක් අරගෙන හිත නිවාගෙන ආපහු ආවේ…අපි එකතුවෙලා ආයෙත් මේ සයිට් එකේ පන ගමු….ඒකට අනෙක් හැමෝගේම උපකාරය අපිට ඕනිවෙයි..අපිටත් වඩා අපේ ඇඩ්මින් සහෝට…ඉතින් එහේනම් අපි ඉක්මන්ටම අපේ කතාවලින් හම්බෙමු….ඔබලාට ජයෙන් ජය……
        මනො උබටත් උබේ පවුලේ අයටත් ජයෙන් ජය…
        පලි= අපි දුන්නු උපදෙස් වගේම හොඳ උපදෙස් ටිකක් උබට අපේ අයගෙනුත් හම්බෙලා තියනව නේ.. ස්තූතියි චනූ උබටත් අපේ මනෝගෙ හිත හැදුවට…..
        -කසුන්-

      • ආදරණීය මනො අන්කල් …………..

        අපේ අදරේ නිසා ඔය අලුතින් ඉපදුනා කියල අහන්න ලැබුන එකත් ගොඩක් සතුටු හිතෙන දෙයක් අන්කල් ….එ වගේම අපේ ආදරය වෙනුවෙන් මේක පිලිගන්වපු එකත් ගොඩක් ආඩම්බර හිතෙන දෙයක්……ඔව් අපේ අදරේ සදාකාලික ආදරයක් මනො අන්කල් ..මොනම බාදකය ආවත් නොසැලෙන ශක්තිය අපි දෙන්නට දැන් තියෙනවා ..එ දේ ලබන්න ඔයා ලොකු පිටුවහලක් ..ඇ වගේම අපිට අදහස් දුන්නු හැම කෙනෙක්ම අපි දෙන්නත් එක්ක ඉන්නවා කියල දැනෙනවා….
        ජීවිතය ජීවත් කරන්නේ ආදරය …….මගේ ආදරය මාව ජීවත් කරා වී මගේ අන්කල්……මගේ හුස්ම රැදිලා තියෙන හැම මොහොතක් ගානෙම මගේ හදවත ගැහෙන්නේ කසුන්…වෙනුවෙන්…..ඇඒ මගේජීවිතය …..ඉතින් මගේ ජීවිතය වෙනුවෙන්.අන්තිම නුස්ම පොද දක්වාම සටන් කරනවා අන්කල්….
        ඇත්තටම ලස්සන විදියට කතාව අවසන් කළා ඔයා අන්කල් …ලොකු දෙයක් ඇ කතාවෙන්
        කියවෙනවා …..හිතාගන්නවත් බේරී දෙයක්…මට කියන්න දේවල් හිතට එන්නෙත් නැ අන්කල්..

        ඇ වගේම අන්කල් අපි හැමදාමත් කියනවා වගේ අතීතය අමතක කරන්න දැන් ඔයට් කාලය ඇවිත් ..ආදරණීය බිරිද ..දුව ..ඇ වගේම ඔය වටා ඉන්න මේ පිරිස…මම ..කසුන් වෙනුවෙන් ඔය හොදින් නිරෝගීව ..සතුටින් ඉන්න ඕන..ඇ වගේම ලස්සන අදර කතා ලියවෙන්නත් ඕන…ඇ නිසා පහුගිය අතීතය වෙනුවෙන් කදුළු හෙලන්නේ නැතුව ..ලස්සන වර්තමානය ..අනාගතය වෙනුවෙන් අදරනීයව හිනාවෙලා ඉන්න……මොන බාදක ආවත් නොසැලෙන අපේ අදර දෙව්ලොව වගේ………

        ඔයාට සුබ පැතුම් ශිමා දොනිගෙනුත් ………

      • ශිමාලි, කසුන්

        ඔය දෙන්න මගේ ජීවිතයට අලුතින් දුන්න ජීවය මම සිය දහස් වාරයක් කිව්වත් වැඩි වෙන්නෙ නෑ. ඔය දෙන්නගේ ආදරය මෙතරම් බාධක මැද්දෙත් නොසැලී තියෙන එකෙන්ම පේනවා නියම ආදරය කොයි තරම බලවත් ද කියලා.

        ශිමාලි, කසුන්, මම ඔය දෙන්න එක්ක සදාකාලිකවම බැඳිලා ඉන්නවා.

      • චනූ,

        මම ඔය එක්ක ඉස්සෙල්ලම කතා කරේ ඊයේ. ඒ වුනත් මට තේරෙන්නෙ ගොඩක් කල් දැන ගෙන හිටියා වගේ. ඔයා මට වඩා බාල ඇති. ඒත් ඔයා දුන්න උපදෙස් මට ගොඩක් වැදගත් වුනා. මම ඒවයින් ඉගෙන ගත්තා. මට ඒකෙන් ශක්තියක් ආවා.

        ඔයාගේ අදහස් වලට ගොඩාක් ස්තුතියි.
        මනෝ

  9. meeka thamai mama aaasama stry eka….mula indanma niyameta stry eka thibuna….mama hithanne anusha eken thamai xslg eka famous une…..thnx a lot

  10. සුරංගනා කතාවක අවසානයක් ලෙස දැක්විය හැකිය.අනුෂා එම තත්වයට පත්වුයේ සමාජයේ වරදින් බවත් එයාව සදාරණීය කරණය කිරීමට දැඩි ලෙස උත්සහ දරා ඇත කත්වකින් ආදර්ශ ලබා දීමට වට මහපොළවේ යථාර්තය පෙන්වා දැක්වීමට උත්සහ කිරීමට උත්සහ දරුවනුම් සාර්ථක අස්වසනයක් ලබාදීමට හැකියාව තිබුණි කෙසේ වෙතත් වරද කිරීමට ආරම්භ කල අනුෂා Happy Living Ever After තත්වයකට පත් කිරීම තුල මා දකිනුයේ රචකයා තුල ඇති එල්බගත් මානසික රාමුව තුල එනම් කිසිදේ කලත් ඇය කුල කාන්තාවක් ,මවක් බිරිදක් ආදී පිලිගත් සමාජ පන්තියක ඇය ජීවත් වීම නිසා ඇයට සත්ටුදායි අවසානයක් හිමිව තිබේ.

    කතාව මුලින් හොදින් දිග්හෙරෙමින් තිබුනත් පසුව වඩාත් විද්‍යමාන වුයේ රචකයාගේ සමාජය පිළිබඳ දෙක්මත් ඔහුගේ පක්ෂක් ග්‍රාහී ච්න්තන්යත්ය එයට මෙහි අදහස් දාක්වුවන්ගේ අදහසුත් බලප ඇති බවය.

    ,මෙම කතාව තුලින් වඩාත් විද්‍යාම වන්නේ රචකයාගේ චින්තනයත් ඔහ්ගේ මනෝ භාවයනුත්ය ඔහු සින්තන පතන ආකාරය ඔහු හරි වැරැද්ද දකින ආකාරයත්ය මෙමෙ කතාව ඔහුගේ ජීවිතය කැඩපතක් වැනිය.

    නමුත් ඔබගේ කාර්ය අතිශයින් ප්ර්ශන්ෂනියි ඔබගේ මීළඟ රචනා එම ඔබගේම වූ සිමවලට යටත් නොවී විවුර්තව ගලායන නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවි පතමි.

    • ඔබේගේ ප්‍රතිචාරයට මාගේ විශේෂ ස්තුතිය පිරි නමිමි. කෙටියෙන් යමක් කීමට කැමැත්තෙමි.

      ‘අනූශා’ ට මෙම කතාවෙ ලැබුන සමාව මට සත්‍ය ජීවිතයෙදී ලැබුන බව පැවසීමට කැමැත්තෙමි. අද ලෝකයේ ඕනෑම දෙයක් සිදු වීමට පුලුවන.

      සුබ පැතුම්

      මනෝ

    • තනි අතින් අත්පුඩි ගහන්න බැහැ යාලු . කාගේ වරදින් හෝ වේවා අනුශා වරදට පෙලබුනු එක ඇත්ත . ඒත් එයාට අවස්ථාවක් දෙන්නම ඕනේ . හදාගන්න බැරි වරදක් මේ ලෝකේ නෑ . අනුශාව ඔයා ඔය කියන රාමුව තුල හිර කරලා සමාව දුන්නේ ලක්මිණි . නදී , සුරංග …. එයාට සමාවදුන්නේ සෙනෙහසේ නාමයෙන් . සමාව ලැබිය යුතු කෙනෙක් එයා . ටිකක් එලියට එන්න. දෙව්දත් අනාගතයේදී පසේ බුදු වරයෙක් වෙනවනම් …. , ඇයි අනුශාට සතුට හිමි නොවිය යුත්තේ . හරිම අසාදාරණයි යාලු .

      මහ පොලවේ යථාර්තය මොකද්ද ? වරදක් හදාගන්න අවස්ථාවක් නොදෙන එකද … එහෙමනම් මට එපා ඒ යථාර්තය . මේක සුරංගනා කතාවක් නෙවේ. අපි හැමෝම තුලම ඒ ඒ අය අඩු වැඩි වශයෙන් ජිවත් වෙනවා . ඒකයි යථාර්තය . ඒ වගේම අඩුවැඩි වශයෙන් මේ වගේ දෙයක් මේ මොහෙතේ පවා සිදු වෙමින් තියෙන්න පුළුවන් . අනුශා ල අඩුවෙන තරමටත් නදී ලා … සුරංගලා වැඩි වෙන තරමටත් මේ ලෝකේ ලස්සන වේවි . ඒත් ….. අනුශා තුල නදී කෙනෙක් ඉන්නවා ඔයා දැක්කේ නැද්ද ? යටපත් වුනු නදීට යේ මතුවෙන්න අපි අව්සතාවක් දෙන්නම ඕනේ . නොදුන්නම් තමයි ඒක අසාදාරනයක් වෙන්නේ . මහපොලව නුහුලන .

      චිනත්නයකින් තොරව කතාවක් දිගටම ගලාගෙන යන්න සකස් කරන්න අමාරුයි . කරත් ඒක පණිවුඩයක් දෙන හැමෝම කියවියයුතු එකක් වෙන්නේ නැහැ . ඔයා තුලත් හොද ඇති . එකියන්නේ මනෝ කෙනෙක් ඔයා තුලත් ඉන්නවා . එයාට මතුවෙන්න දෙන්න . අයෙ හැරිලා බලන්න කතාව දිහා . මේක මනෝ ගේ විතරක් සිතිවිලි නෙවේ . දෙයක් යහපත් විදියට අවසන් වෙන එක හොදයි . මට ඒ කතාව තුල සුරංග වෙන්න ලැබුණානම් , මම වුනත් අනුශා ට සමාව දෙනවා . නිර්මල ආදරේ ස්වාබාවය ඒකයි . ඉතින් ඒක පක්ෂ ග්‍රාහී චින්තනයක් නෙවෙයි . යහ සමාජයක් ගොඩ නගන්න වැඩි වැඩියෙන් අවශ්‍ය කරන එකක් . අඩු වැඩි වශයෙන් සුරංගගේ සිතිවිලි තියෙන අය මේ ලෝකේ ලස්සන කරාවි .

      සුරංගට එයාගේ අනුශව නරකේ යෙදෙන්න කලින් …, යෙදෙද්දී …, යෙදිලා ඉවරවුනමත් ….පවිත්‍රයි . කිසිවෙනසක් නැතිව . එවන් සුරංගලත් , අවසානයේ හෝ තමන්ගේ වැරදි අවබෝද කරගත් අනුශා ත් …( අනුශා තුල ආරම්බයේ හා ඇය නිවැරදි වූ පසු ජිවත් වූ ‘ නදී.’ ත් ) මේ ලෝකෙට වාසනාවන් .

      මේ මගේ අදහස . ඉතින් මේක බොහොම සාර්ථක වැයමක් . නැවතත් මගෙන් උණුසුම් සුබ පැතුම් මනෝ.

  11. thank a lot for your nice story

  12. තමන්ගෙ අම්මව වල් විදිහට දකින්න පුරුදු කරන වැල කතා අතර මන් ඉතාමත් ආදරෙන් කියවපු කතාවක් තමයි මේක. දැකපු බහුතරයක් කතා කිසිම අවවාදයක් නැතිව නිකන්ම ලින්ගික රසය මුල් කරගෙන කිසිම හරයක් නැති කතා. එත් අනුශා කතාව මන් හිතන්නෙ සෑම කෙනෙක්ම කියවන්න ඔන කතාවක්.

  13. thnks mano…oya samajeta godak vatina deyak meken dunne…..

  14. යමරජු

    මේකට කතා දාන්නේ කොහොමද යම පල්ලනේ ? පොඩ්ඩක් දන්න එකෙක් අන්න ඒකත් විස්තර ඇතිව කිව්වනම් නරකද .

  15. mage favorite kathawa. iwara wenakam mara kuthuhalayak thibune.samajayata honda paniwudayak ekka thamai meka giye.me kotasa kiyawaddi matanam kisima sex athal ekkak nathiwa thamai kiyewwe, etharamma me kotase thibunu katha wasthuwa prabalai. niyama story ekak mano machan mewage honda sex education ekak thiyena honda kathawak ayeth liyanna pls. obathath xslg group ekatath mage subapathum……….

  16. යමරජු

    Life is a large blank canvass
    Which birth itself unrolls
    By you it must be painted
    As prompted by your soul

    nice story buddy ! keep your good work . no words . maxxa !!!

  17. aththatama hoda kathawak aewara una . mano aththatama oya sarathakai oya loku panividayak samajayata me kathawen dunna. mama me said eke godak kaleka edan hitiya patakayek. habai mama comment damme na. eka waradak kiyala mata hithuna. api oyalawa aththatama dirigannand a one. thnx mano me kathawa apitha dunnata. mama suba pathanawa mewage hoda katha liyanda sakthiya thawa labenda kiyala.

  18. මනො…..
    ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තියනවා මං කියෙව්වා මට කියන්න අදහසක් නැති තරම් ඒත් මනො අපි මේ අනුෂාගේ චරිතයෙදි සුරංග මේ සියල දේ දැනගන්නකොට අනුෂාටත් සුරංඟටත් වයස 50 පසුවෙලා නේද ඒ කියන්නේ ඒ දෙන්නා ජිවිතයේ සැදැ සමයට ඇවිත් ඉවරයි දැන් සුරංග සමාව නොදි මොනවා කරන්නද තව අනෙක් පැත්තේන් මේ දෙවල් සුරංග නදි පොඩි කාලේ දැන ගත්තානම් සමාව දෙයිද නදි බලා ගන්න ආපු සේවිකාව එක්ක අනුශා සමලිංගිකව හැසිරෙනු දුටු එදා සුරංඟ ගෙදර ලොකු රංඩුවක් ඇති කළා

    අපි මේකෙන් මේ රටේ කාන්තාවන්ට කියන්න ඔන පණිවිඩයක් තියනවා එක තමයි මනො විනාඩි කිහිපයක් කාමය පිනවිම වෙනුවෙන් බිරිඳක් තම සැමියා හැර වෙනත් කෙනෙකු හා එක්විම ඒ සුරාන්තයෙන් පසු ඉතිරි ජිවිත කාලයම ඒ බිරිඳට සමහරවිට තමන්ගේ පවුල් ජිවිතය සම්පුර්නයෙන්ම අහිමි විමේ අවදානමක් තියනවා කියන එක සැම කාන්තාවක්ම තෙරුම් ගන්න ඕන උපතින්ම සමහර කාන්තාවන්ට කාමය ඇවිස්සිම සඳහා සිරුරේ නිෂ්පාදනය වන හොමොන ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය වෙනවා එක රොගි තත්වයක් නොවේයි ඒ වගෙම එම හොමොනය සමහර කාන්තාවන්ට නිෂ්පාදනය වෙන්නේම නෑ එකත් රොගි තත්වයක් නොවෙයි මේ කොහොම වුනත් මනො තමන්ගේ සැමියාගෙන් පිට කම් සැපක් කෙනෙකුගෙන් ඉල්ලිම හො වෙන කෙනෙකු ඉල්ලන එක අනුමත කිරිම සුරාන්තයෙන් අවසන් වන ඒ විණාඩි කිහිපයෙන් පසු සමහර විට තම ජිවිතයෙන් වන්දි ගෙවිමට වන දෙයක් බව කාන්තාවන් තෙරුම් ගත්තොත් ඇති ඒ වගේ දේකට පෙළබේන්ට පෙර ඒ ගැන දෙපාරක් හිතුවොත් ඇති මම දකින සමාජයට මේ කතාවෙන් දෙන්න පුළුවන් පළමු ආදර්ශය එකයි.

  19. අනුෂා අවසානය වන්තෙක්මවත් ඇයගේ වැරදි හැඩ ගන්නවාට වැඩ කරේ වෙනුන් සමග යහන්ගත වීමය එය සදාරණීය කරණය සදහා ඇය හා නිශාන් අතර ආදරය නිර්මාණ කිරීමත් ආදරයත් සමග ඇතිවන ලිංගික ත්ර්ප්තිය උතුම් බව අරුත් දැක්වීමට උත්සහ දරා ඇත එය තවත් ඇගේ ක්‍රියාව සදරණීය කිරීමක් පමණි,Cheating is Cheating in whatever way you try to define…I have seen many women(Sri Lankan and mostly Oriental) sleep with another men I should say mostly women(married) I know its a fact and whatever weakness their husbands have Its cheating its not justifiable…Most get second chance most husband give second chance and most do it again again here “Once a bitch Always a bitch” is applicable.That’s why I like Western women If they wanna sleep with and get satisfied with another they just leave not cheating around.

    These kinda women and men should get what they deserve normally public humiliation they never deserve any chance.

    මෙම කතාව තුල දකින වැදගත්ම පණිවිඩය වන්නේ කාන්තාවක් තොර ගන්න විට තම සතුට කල හැකි සීමාවක ගැහ්නියක් ජිවිතයට එක කරගන්නා ලෙසයි…Mostly women sex drive is more higher than men and sexually fitter than men accordingly understanding of each others sex drives is more important an discuss how to control and get the best and tolerate each other .

    Always understand your women discuss with her and keep tabs on her otherwise so many guys there to get them and as i seen its very easy to tackle married women you Just to figure out the motive you can drive her.

  20. එල මචන් උඩින් ලියල තියෙනවා මම ලියන්න ඕනෙ දේවල් මම මොනව ලියන්නද තවත් පට්ට කතාවක් ලියහන් මචන් අපි වෙනුවෙන් (මචන් කිවුවට හිත රිදුනනම් සමාවෙන්න ෆිට් එකට ලිවුවෙ)

  21. මගේ සියලු පාඨක සභෘදයන් වෙත,

    දැන් සිඩ්නි වේලාව උදේ 7.30 . මම මේ වෙලාවට තමයි ඔෆිස් එකට එන්නෙ. මේ වේලාවෙ මෙතන මගේ අනිත් කට්ටිය කවුරුත් නෑ. ඉතින් මම උදේ ආහාරය ගන්න ගමන් සයිට් එකට එනවා.
    මම අද ‘අනුශා’ ට ලැබිල තිබුන ප්‍රතිචාර දැක්කම මම කාලෙකට අඬල නැති විදියට ඇඬුනා. හොඳ වෙලාවට කවුරුත් ඔෆිස් එකේ හිටියෙ නෑ.හිටියනම් මට පිස්සු කියල හිතනවා.

    ලැබිල තිබුන සියලුම ප්‍රතිචාර හදවතින්ම ලියපු ඒවා කියල මට හිතෙනවා. ‘අනූශා’ කතාවෙන් ඔබ හැම දෙනාම වින්දනයක් වගේම හදවතට දැනෙන පණිවිඩයක් අර ගත්තා කියන එක මට පේනවා. ඒ හින්ද මගේ උත්සාහය ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම කසුන්, ශිමාලි, චනු, ශවේන්ද්‍ර, කඩල ගොට්ට ( සමාවෙන්න මම නම දන්නෙ නෑ ) කියල තිබුන දේවල මගේ හදවතට තදින්ම වැදුනා. ඔය ගොල්ලො වගේ මිනිස්සු මේ ලොකේ සුළුතරයක් හරි ඉන්න එක ජීවිතයට වාසනාවක්. කඩල ගොට්ට, ඔයාගෙ ප්‍රශ්න වලට මම උත්තර ඔයාගේ ප්‍රතිචාරය එක්ක කියල ඇති.

    කසුන් , ශිමාලි…. මම ආයිත් පුන පුනා කියනවා. ඔය දෙන්නගේ ආදරය මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරා. ඒක සුන්දර වෙනසක්. මට අලුත් ජීවිතයක් ලැබුනා වගේ තේරුනා. ඔය දෙන්නගේ වයසෙදි මටත් ඔය විදියට ආදරය හම්බ වුනානම් මම අද වෙනස් මිනිහෙක්. පහු වෙලා හරි මට ඒ සැහැල්ලුව ලබා දුන්නට මම ඔය දෙන්නට සදාකාලිකවම ණයගැතියි. ඔය දෙන්නගේ වයසෙ ඉන්න කොට මට ආදරය වෙනුවට හම්බ වුනේ රාගය. ‘පාරිශුද්ධ ආදරය’ කියන සුදු හංසයා වෙනුවට මම ළඟ හිටියෙ ‘රාගික ආවේගය’ කියන ඒ කළු හංසයා. මට එංගලන්තෙදි මුණ ගැහුන ඒ මළ යක්ෂණී මට ඒ කළු හංසයාව තුරුලු කරල දුන්නා. ඒ යක්ෂණී මගේ ආදර හිත කාල දැම්මා. ඒකිගෙ වල් කම සංසිඳව ගන්න මාව බිල්ලට ගත්තා. ඒකි මට ඇතුලු කරපු ඒ කළු හංසයා මගෙන් මෙච්චර කල් අයින් වුනේ නෑ. දැන් ඔය ගොල්ලන්ට තේරෙනව ඇති මම ‘දම්මි, නිලූශ’ වගේ කතාවක් ලිව්වෙ කොහොමද කියල.

    ශිමාලි, කසුන්…. ඔය දෙන්නගෙ ආදරය ඒ කළු හංසයාව මගෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල දැම්මා. ඒ හින්ද ඔය දෙන්නට සදා කාලිකවම ගරු කරනවා, ආදරය කරනවා. ‘දම්මි’ වගේ කතා ආයිත් මගේ පන්හිඳෙන් ලිය වෙන්නෙ නෑ. මට හිතුන ‘දම්මි’ මගේ වෙබ් අඩවියෙන් අයින් කරන්න. ඒත් මම හිතුව ඒක ඕන කෙනෙක්ට බලන්න කියල තියෙන්න ඇරියා. අර මල යක්ෂණී මට කරපු විනාශය මට මෙතන කියන්න බෑ. ඒ වුනත් කසුන්, ශිමාලි, කවද හරි මම ඔය දෙන්න මුණ ගැහුන දවසක ඒ කතාව කියනවා.

    මම කතාවෙ අන්තිමට කිව්ව වගේ මම නිෂාන් දිවාකර වගෙ නරුමයෙක් තමයි. මගේ සහකාරිය ලක්මිණි වගේ උත්තමාවියක්. මම තව දෙයක් කියන්නම්. කතාවෙ ලක්මිණි හා නිෂාන් අතර ඇතිවූ දෙබස ඒ විදියටම වගේ අපි දෙන්න අතරත් ඇති වුනා. මට ඔය ගොල්ලො කිසි කෙනෙක් බැන්නෙ නෑ. ඒත් මට හොඳ උපදෙස් දුන්නා. චනූ, විශේෂයෙන් ඔයා කියපුව ගොඩක් මගේ හිතට තදින් වැදුනා.

    කසුන් වගේම මම ආයිත් කතා රචනයට එනවා. මට ඔය ගොල්ලො අලුත් ජීවයක් පන්නරයක් දුන්නා. කසුන් කිව්ව වගේ හිත් හොඳ මිනිස්සු ලේසියෙන් හම්බ වෙන්නෙ නෑ. ඒ හින්දා මම ජීවිතේ තියෙන කන් ඔය ගොල්ලො දාලා යන්නෙ නෑ. කොහොම වුනත් මගෙන ආයිත් ‘සෙක්ස්’ කතා ලියවෙන එකක් නෑ. අනුරාගී ආදර ශෘංගාරය තියෙන කතා තමයි ලිය වෙන්නෙ. ආදරය කියන්නෙ කොච්චර බලවත් දෙයක්ද කියල මට මේ ජීවිතයේ මැදි වියදි හරි පෙන්නල දුන්නෙ කසුන්, ශිමාලි, ඒ ඔය දෙන්නා.

    ඔබ සැමට සදා ජය
    මනෝ

  22. මේ වගේ කතාවක් ඇතුලේ ගලාගෙන යන පණිවිඩය ඇති විශාලයි. ඒක අපේ ගොඩක් මිනිස්සු තේරුම් ගන්නේ නැති ඒක ගැන මට ලොකු කණගාටුවක් තියනවා. නමුත් දැන් දැන් වෙබ් ඒක ඇතුලේ වල්කතවක්ම කියවනවා කියන හැගීමෙන් එන අය නැතුව ඒක තුලින් යමක් ඉගන ගන්න එන අය දැක්කහම ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම ඉස්සර කතාවක් විතරක් කියවන්න අපු මිනිස්සු අද comment ටිකත් කියවල ඒවා ඇතුලේ සංවාද යන මට්ටමකට පත්වෙලා තියනවා.

    මේ හැම එකකමගව්රවය යන්න ඕන උබටයි මනෝ. නිකන්ම නිකන් වල කතාවක් නැතුව පණිවිඩයක් දෙනගමන් කතාවක් ලියන්න උබ පටන්ගත්ත මුල් පියවර අද ගොඩක් දුර ඇවිත් තියනව. ඒ ආදී පර ඔස්සේ තවත් රචකයන් ගොඩක් බිහිකරන්න අපිට හැකි උනා. ඒ ගොඩට අලුතෙන් එන්න ඉන්න ඔසීබුවා ගැනත් මට ලොකු බලාපොරොත්තුවක් තියනවා. උබගෙන් මේ සයිට් එකට ලැබුන ගුරුහරුකම් ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

    අන්තිමට උබට දෙයක් කියන්න හිතෙනවා. උබ වගේම මමත් අද හිතින් දුක්වෙන කෙනෙක්. එත් අපි දුක් වුන කියල වැඩක් නැහැ කියල සමහර විට හිතෙනවා. එත් සමහර වෙලාවට ආපහු හිත පරණ තැනටම දුවනවා. ඒවගේ තැනක් තමයි අර මම එවපු mail ඒක. ජීවිතේ ගැන අපිට තාමත් තීරණ ගන්න බැහැ. අපි ඒ අතින් දුර්වලයි. හැබැයි මම ඒක දෙයක් හිතෙනවා.උබ අද දුක්විදින්නේ පරණ දේවල්වලට උනාට ඒ දේවල් වලට උබට ලැබුන සමව උඩ උබට හොදින් ජීවිතේ ගෙනියන්න අවස්තවක් තියනව.අයි උබ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නේ. උබට හැම දෙයක්ම ඇති සල්ලි යන්න එන්න වාහන ගෙයක්දොරක් පවුලක් ලස්සන ළමයි පවුලක්. ඉතින් ඇයි උබ දුක්වෙන්නේ. උබට හිතේ සතුටින් ජීවත්වෙන්න පුළුවන් මට්ටමේ මිනිස්සු ටිකක් ලගින් ඉන්නවා.ඉතින් උබ දුක් වෙන්න එපා. උබ හිතපන් මට ඔය ගෙවල් දොරවල් යන වාහන තිබ්බට මගේ ලගින් ජීවත් වෙන්න මිනිස්සු නෑ. එතැනදී දැනෙන තනිකම උඩ තමයි මම මේ site ඒක පටන්ගත්තේ.ඒක මම උබල කීප දෙනෙකුට කිව්වා. ඉතින් මට නැති උබට ඇති ඒ දේ ගැන හිතල සතුටින් ජීවත් වෙයන්.
    මම උබල වෙනුවෙන් මේක පවත්වාගෙන යන්නම් තව පුළුවන් කාලයක්. මට බැරි උන දවසකට උබ කසුන් ශවේන්ද්‍ර මේක කරන පලයන්. උබට සද ජය

    • machan me parinatha lekakayo athara matagenuth deyak umba balapoottu wenawa kiuwama hithata ahinsaka adambarayak awa machan, eken oluwa udummawaganne nathuwa umbage balaporottuwata saadaranayak karanna mage uparimayen uthsaha karannam machan. thank you.

  23. Hi Mano, Kasun,

    Excellent story, which gives many strong messages to the society. I wish you to continue the writing. I have read all the above comments. But there was something missing. Kasun, have you written anything about your actual love story? Having reading the comments from Mano, I feel that Kasun and Shimali’s love story also seems an exciting one? Kasun what is the base on your story?

    Thanks.

  24. දයාබර මනෝ මාමේ….

    මන් අනුෂා කතාව මුල ඉදලම කියෙව්වා…. මට සමාවෙන්ඩ කලින් ප්‍රතිචාර දකුවේ නැතුවට…
    මට ඌන උන නිදහසේ මේ විදියට comment එකක් දාන්ඩ. mea semester eke final exam, presentaion iwara unee eeyei..
    man aapu gaman kalee anusha kiywapu ekai.. mage internnet connection ekee aulak tiyanawaa.. eth wade kiyanne eeye kisima aulak tibbe na.. mechchra wassa welath..
    aapahu samawa illanawa coment nokalata…

    ඔයාගේ කතාව ගොඩාක් විශිෂ්ටයි… සුන්දර තැන්… කටුක තැන්… ජීවිතේ මූණ දෙන්ඩ වෙන සුලබ තැන් ගොඩක් තියනව මේ කතාව තුල.
    අන්කල් ගේ උත්සාහය ගොඩාක් සාර්ථකයි… මේ කතාවෙන් තම තමන් ගේ ජීවිත වලට එකතු කර ගන්ඩ දේවල් තියනවා.
    මටත් ගොඩක් දුක හිතුනා.එඅ වගේම කතාව කියවද්දී නෙතට කදුළු ආවා. කෙනෙකුගේ නෙතට කඳුලක් එන විදියට නිර්මාණයක් කරන්ඩ පුලුවන්නම්
    මන් හිටන්නේ ඒ නිර්මාණය සාර්තකෛ කියල.. මන් නවකතා කියවල තියනව කෙනෙක් නෙවේ.. කියවල තියන එකම එක නව කතව තමි චරිත තුනක්.
    එක සිංහල පාඩම් වලට තිබ්බ නිසා සාමාන්‍ය පෙළ කරන කාලේ..
    මේක තමි මන් කියවපු දෙවෙනි නව කතාව..

    නදී වගේ ගනු ළමයෙක් මටත් ලැබුණානම් කියල හිතුන වාර අනන්තයි..
    අන්කල් මේ කතව තුලින් දීල තියන දේවල් විසිෂ්ට්යි.
    සැබෑ ආදරයත් එක්ක එන ලිංගික සැප තමි සුන්දරම.
    අනිත් එව්වා එඅ වෙලාවට විතරියි.
    ඒ විතරක් නෙවෙඉ පසුවට පසුතැවිලි වෙනද සිදුවෙන සිදුවීනුත් වෙනවා.
    මමත් ගොඩක් මානසික ප්‍රශ්න වලට මූණ දුන්න කෙනක්. සමාජ විෂමත්වයට මදි උන කෙනක්.
    ලංකාවේ සමාජ ක්‍රමයේ තියන වැරද්දක් ඒක.
    පුලුවන්නම් කතාවක් ලියන්ඩ අන්කල්, “දෙමව්පියන් විදෙස්හාගත් වීම නිසා දරුවන්ට වෙන දේවල්” කියන මාතෘකාව යටතේ කතාවක්.
    මොකද අද මේ ගම් වල එහෙම ළමයින්ව කොච්චර හොඳට හිටියත් දකින්නේ නරක විදියට..
    අනුෂා කත්වෙන් අපිට sex කතාවක් විතරක්ම නෙවෙඉ කියවන්ඩ ලැබුනේ..
    විශිෂ්ට නිර්මාණයක්.
    මන් ගොඩක් සතුටු වෙනවා මේ කතාව තුල තිබ්බ පවුල විනාශ නොවෙන විදියට මේ කතාව ඉවර උනාට.
    මන් බලප්රිතු උන විදිය තමි ඒ.

    මනෝ අන්කල් කිසිම වැරද්දක් කරි කියල හිතින් පසු තවෙන්ද එපා.
    ලිංගික සතුට එක එක පුද්ගලයට අවශ්‍ය කරන විදිය විවිදයි.
    මනෝ අන්කල් කියන්නේ සුන්දර මනුෂ්‍යයෙක්.
    නෙතට කදුලක් එනද කතාවල් ලියා පුළුවන් එඅ වගේ කෙනෙක්ට විතරයි.
    මට ගොඩක් හිතිලා තියන දෙයක් තමි, ගොඩක් අනුකම්පා හිතෙන, පොඩි දෙකටත් කදුළු එන අය, ලිංගික පැත්තට ටිඅකක් වදුරුර නබුරුඉ කියන එක.
    එයාල ලිංගිකත්වයට නැබුරු උනත් , හොඳ පිරිසිදු හදවතක් තියන අය.

    kadala gotta aiya karanda yana wadee godak hodai..
    meka nawa kathwak, chithrapatiyak vidiyata elidakwanda tiyanwanam godak
    wadagath kathawak ada samajayata

    ඒ වගේම දැන් ලංකාවේ බැඳපු ගැණු අර පිට යන එක සුලබ දෙයක් වෙලා.
    එඅ මේ රටේ ක්‍රමයේ ටියනා වැරද්දක් නිසා.
    අර උදුන් ඓය කෙනෙක් කියල තියනව එක තවවකටනම් මන් එකගි
    වෙන මිනිහෙක් එක යනවනම් යන්ඩම යන්ද ඕනේ. බොරු කර කර ඉන්නේ නැතුව.

    මනෝ මාමව මන් දැකල නැති උනත් මගේ හිතේ චිත්‍රයක් මැවිලා තියනව..
    ලංකාවට අවොත් කියන්ඩ අනිවා බලන්ඩ එනවා .

    විශිෂ්ට නිර්මාණයක්.. එක කීප වතාවක්ම කිඋවත් මට මදි.

    ස්තුතියි මනෝ මාමේ…….

  25. me katha kiyawana aya mewa kochchara hadawathinma vindinawada kiyana eka me comments dakkama therenawa. e thamai katha wala thiyana sarthakathwaya.
    samaharu hithanne mewa maha wal katha balanneth walaththayo kiyala. etth me comments dakkama ape patakayan mona thram siyum vindanayak labana ayada kiyana eka therenewa. liyana obalathath balana hamotamath jaya…

  26. meka mama dana 1st comment eka
    mulinma kiyanna one meka niyam site 1k aththama koth meka wala katha site ekak nemei meka ada kale aith ekka me samajaye jiwath wena charitha wala jiwitha katha wala ekathuwak. ewagema
    onema kenekge sexual tension eka adu karagnna hodam hoda yaluwek.
    anusha ganawath anith katha ganawath mama wicharaya karanne na……… mkd ewa wicharaya karanna taram mata danumak na. mkd ewa godak samajiya watinakam hodata odunagena karapu nirmana ( specially anusha, ape skole).mewa aththam sahithya nirmana. ada kale me wage nirmana bihiwenna one kalayak. eth e mewage site wala nemei nawakatha poth widiyata.mkada hamotama kiyawanna puluwan widiyata.

    mano, oya anthimata gththa tirane godak hodai. adaraya nathi lingika ekathu wimak kiyanne kaika sathutak witharai. enisa adarayen godanagunu sex stories witharak liyanawa kiyala oya gaththe godak hoda thiranayak. apita oyagen godak hoda katha issarahata balagnna puluwn wei kiyala mata sure1. me thilina karapu katha walata thhnkz a lot. issarahata thwath hoda katah liyanna mama wish karanawa.

    kasun, mama danne na oyageth shimaligeth tiyenne mona wage sambandayakkda kiyala.eth oya dennata ikka=manin ekathu wenna labenna kiyala mama wish krnawa. ewagema oyatath wish kranawa thawathawath hoda katha liyanna.

    e wagema admin saho, athhatama me wage site ekaka patangththa ekata godk thankz. oya meka godak hodata pawathwagena yanawa. puluwanthram kaalayak meka me widiyatama karagena yanna. api puluwan widiyata udaw karannm.

    ALL THE BEST !!!!!!!!!!!!!!!

  27. thanks machan

  28. me wagw kathawak liyala me dunna samaja paniwide bohoma wadagath. oba bohoma sthuthi mano. aththenma bohoma sthuthi.
    man me kathawa kawadahi man adrayaya karana kenatath kiwane deela ape jiwithet sarathaka karagannawa. obata sada jaya!

  29. ඇත්තටම මටත් ඇහැට කඳුලක් ආවා මේක කියවලා ඉවර වෙද්දි. වල් කතාවක් විතරක් කියවන්න සයිට් එකට ගොඩ වදින සමහර අයට ආදරේ , ජීවිතය , ගැන කියලා දෙන්න මේ වගේ කතා සෑහෙන්න ප්‍රයොජනවත්.

    කවුරු මොනවා කිව්වත් වල් කතා විතරක් තියෙන සයිට් එකකින් සමාජයේ මිනිස්සු හිතන පතන විදිය (සමස්ථයක් විදිහට ) වැරදි පැත්තකට යනවා කියන එකයි මගේ අදහස..

    හැම ජාතියකම විවිධ විදියෙ මිනිස්සු මේ සයිට් එකට එනවා. SO ඒ අතරින් නරක විදියට හිතන මිනිස්සුන්ට ආදර්ශවත් කතාවක් මේ වගේ තියනකොට ඒක සෑහෙන්න ලොකු සමාජ සේවයක්.

    පෞද්ගලිකව මට මේ කතාව කියෙව්වට පස්සෙ වල් කතා කියවන එක සෑහෙන්න අඩු වුනා. ඒකට මනෝ අයියට (අන්කල් කියනවට වඩා ඒ ආමන්ත්‍රනය සමීපයි ) පිං .

    කලින් කෙනෙක් කිව්වා වගේ මේක පොතක් ගහලා ලංකාවේ married coules අතරෙ බෙදලා දෙන්න පුලුවන්නම්, මේකේන් ලස්සන film එකක් කරන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්.

    මනෝ අයියට යහපත් අනාගතයක් පතනවා!!

    • සිරි වෙත,   ඔයාගෙ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි.. ඔව් මෙතන ගොඩක් කට්ටියට මම ‘අන්කල්’ කෙනෙක් තමයි.. ඒත් සමහර අය මට අයියා කියල කියනවා…!!

      ‘අනූශා’ කියවල ඔයා යම් විදියක වින්දනයක්… ඒ වගේම ආදර්ශයක් ගත්තා නම් මම අනූශා ලිවීමෙන් ගත්ත උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. මාර්ග පල ලබාගත්ත කෙනෙක් ඇරුනම අනිත් ඕනම කෙනෙක්ට ගෑණු පිරිමි භේදයක් නැතුව  සෙක්ස් අවශ්‍ය කරන දෙයක්.. එහෙම නෙමෙයි කියන්න කාටවත් බෑ… අපි ගැහැණුන්ට/ගැහැණු ළමයින්ට ආකර්ෂනය වෙන්නෙ ඒ හින්ද තමයි.

      ඒ කොහොම වුනත් අපි සෙක්ස් වින්දනය කරන්න ඕන ආදරයත්..බැඳීමත් එක්ක කියල මම තදින්ම විශ්වාස කරනවා… මම මේක කියන්නෙ අත්දැකීම් එක්ක… ආදරය නැති සෙක්ස් හින්ද මම ගොඩක් හිත් වේදනා විඳපු…තවමත් විඳින කෙනෙක්…මම ‘අනූශා’ ලිව්වෙ මෙන්න මේ තේමාව පදනම් කරගෙන. ආදරය කරන දෙන්නෙක්..කසාද බැඳපු දෙන්නෙක් තමන්ගෙ සෙක්ස් ඕනෑකම් මොනවද කියල සාකච්ඡා කරල ඒ විදියට ඒව කරන්න ඕන… එහෙම නැත්නම් ඒකෙන් ලොකු ප්‍රශ්ණ ඇති වෙනව..පවුල් කැඩෙනව… දෙන්න කතා බහ කරල කටයුතු කරනව නම් ඒකෙන් දෙන්නට සෙක්ස් වලින් කියන්න බැරි තරම් සැපක් එනවා. ..මම ‘අනූශා’ ගෙන් දුන්න පණිවිඩය මේක තමයි.

      XSLG සයිට් එකෙ 3 වන සංවත්සරය දවසෙ ඔයා මෙහෙම කමෙන්ට් එකක් එවපු එක ගැන මම ගොඩක් සන්තෝසයි. මේ සයිට් එක පහුගිය අවුරුදු 3 ට ගොඩක් දුර ඇවිත් තියෙනවා… තනිකර ලිංගිකත්වය (raw sex) වලින් බැහැරව ආදරය, ශෘංගාරය එක්ක සෙක්ස් කතා ලියන්න අපේ රචකයො ගත්ත උත්සාහය අද සාර්ථක වෙලා තියෙනවා.

      පෞද්ගලික හේතුවක් හින්ද මම දැන් සයිට් එකට කතා ලියන්නෙ නෑ… ඒ වුනත් දැන් අලුත් දක්ෂ රචකයො/රචිකාවියො මේ සයිට් එක ලස්සනට ඉස්සරහට අරගෙන යනවා.. ඒ ගැන මම ගොඩක් සන්තෝසයි…   සියලු දෙනාටම සදා ජය.   මනෝ

  30. වරදක් වුනහම වැදගත්ම දේ ඒ ගැන අවන්කවම පසුතැවෙන එකයි ඒ ගැන සමාව ඉල්ලන එකයි. ඔබ එතනින් ඔබ්බට ගිහින් සමාජ දැනුවත් කිරීමක් කරලා තියනවා අත්දැකීම් යොදාගෙන.ඔබ දැනටත් බොහෝ දෙනෙක්ගේ ජීවිත හොද අතකට යොමු කර අවසන්. මම මේ ආත්ල් එකක් ගන්න අවිත් ලොකු පාඩමක් ඉගෙනගත්තා. මම මේ කොමෙන්ටුව දාන්නෙ ඔබේ පාපොච්චාරණය දැකලා නිහඩව ඉන්න එක ගුණමකු කමක් කියලා හිතුන නිසා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 3,909 other followers

%d bloggers like this: