Blog Archives

අශි 4


https://i1.wp.com/farm4.staticflickr.com/3660/3401633045_8ec737598d.jpgඔන්න මචන්ලා අශි 4 ත් මන් ලිව්වා. හොඳද නැද්ද කියල කියල කියෝලම බලල comment කරන්න.
“ඇය ඉතා ලස්සනද  නැත. නමුත් අවලස්සනද නැත. ඇය ප්රිසන්නය. පිරිපුන්
සිරුරකට උරුම කම් කියන්නීය. මනාව වැඩුණු පියයුරු යුගල හා තට්ටම් යුගල
ඇයගේ සිරුරට කාමුක බවක් එක් කරයි. නමුත් ඒ දෑස් අවිහින්සකය. ඇය නමින්
හංසි විය.  ඒ මොහොතේ මට ඇය ගැන සිතුනේ එපමණි.”

Read the rest of this entry

අශී 3


ඔන්න උඹලට අශි 3 අරගෙන මම ඉක්මනටම ආවා. මේකත් මට ගොඩක් දිගට ලියන්න බැරි
උනා. මගේ අඩු පාඩු මට එක පාරටම හදා ගන්න ටිකක් අමාරුයි මචන්ලා. ඉතින්
මේකේ තියෙන අඩු පාඩුත් උඹලගේ comments වලින් මට පෙන්නලා දියල්ලා. මොකද මම
කතාව ඉදිරියට ගෙනියන්නේ උඹලගේ comments අනුව වැරදි හදා ගෙන. කතාව ගෙනියන
එක ඉක්මන් වැඩියි කියල දැන් මටත් තේරිලා. පුළුවන් ඉක්මනින්ම මම ඒ වරද්දත්
හදා ගන්නම්. උඹලට ජය.
–       යොහාන්.

Read the rest of this entry

අශී 2


මගේ ජිවිතේ පුදුමාකාර සිදුවීම් ගොන්නක් වගේ කියල මට දැන් හිතෙනවා. ඒ ඔක්කොම චිත්‍ර පටයක දර්ශන මෙන් මා ඉදිරියේ මැවී පෙනෙනවා. ජීවිතේට අරමුණක් නොමැතිව මා මේ මොහොතේ බලා හිදිනවා. එහෙත් මා සතු අරමුණු ගොන්නක් ඇත. ඒ සියලු දේම මා කෙසේ හෝ ඉටු කර ගත යුතුය. නමුත් මා මේ කතාව කොහේ හෝ ලියා තැබිය යුතුය. “බිත්ති පුරා ඔබේ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි” මා ප්‍රිය කරන ගීතයක කොටසක් ගුවන් විදුලියේ ප්‍රචාරය වනු මට ඇසුනා. මේ මොහොත වන විට මා සතු සියලු බලාපොරොත්තු ශූන්‍ය වී පැවතියද මා නැවත ඒ සියල්ල ඇති කර ගත යුතුය. ඒ හුදෙක්ම මා දෙමවුපියන් වෙනුවෙනි. අන්තිමට මට කවුරු නැතත් සිටින්නේ ඔවුන් පමණි. මගේ හිත දැන් කල්පනා ලෝකෙන් වසා ගෙන ඇත. කතාව කොහෙන් පටන් ගන්නද මටම හිතා ගත නොහැක. තවම මගේ කතාව අවසාන වී නොමැත. එත් එය සතුටුදායක අවසානයක්ද දුක්බර එකක්ද යන්න දැන්ම මට කිව නොහැක.මෙය මගේ ජිවිතේ එක් පරිච්චේදයක් පමණි. එය මගේ සම්පූර්ණ කතාවම නොවන්නේය. එසේ සිතා මා මගේ හිතම රවට්ටා ගන්නට හැදුවත් මේ මොහොත තුල එය මගේ සම්පූර්ණ කතාව ලෙසම මට හැඟෙයි. කවදා හෝ ඉතා සාර්ථක පුද්ගලයෙකු වී අම්මා හා තාත්තාට ආඩම්බරයක් ගෙන දීම මගේ හීනයකි. එය මම කවදා හෝ ඉටු කරමි. විශ්ව විද්‍යාල ළඟදීම පටන් ගනු ඇත. ඊට පෙර මා සියල්ල ලියා තැබිය යුතුය. මම තුන් පාරක්ම A\L කලෙමි. පළමුවර BCC ලෙස මගේ ප්‍රතිපලය සීමා විය. නමුදු දෙවන වර AAC ලෙස මම හොද ප්‍රථිපලයක් ලැබුවෙමි. නමුත් වෛද්‍ය විද්‍යාලයට කුඩා කල මා තුල වූ ආශාව නැතහොත් මගේ අම්මාට තිබූ ආශාව නිසා මම තුන් වන වරටත් විභාගය කලෙමි. නමුත් අවාසනාව නිසාදෝ මගේ තෙවන වර ප්‍රතිපලය ACC විය.

මා  මේ සියලන්න පිළිවෙලකට ලිවිය යුතුය. මා රචකයෙකු නොවෙමි. නමුදු මගේ කතාව මා ලිවිය යුතුය. කතාවට නමක් මට තවම සිතා ගත නොහැක. නමුත් එය මගේ කතාවයි. මම ඇයට සියල්ල අවසාන බව පැවසුවද ඇයගේ මතකයෙන් මා සිත පිරී පවතී. ශෝනා. එය ඇගේ සත්‍ය නම නොවේ. නමුත් ඇගේ බලවත් ඉල්ලීම පිට මම සත්‍ය නම වසන් කර මෙතැන් සිට ඇය ශෝනා ලෙස නම් කරමි.  නම මතක් වන විටද සියුම් රිදීමක් මගේ පපුවේ ඉතා ගැඹුරු තැනකින් පටන් ගෙන මතු පිටට පැමිණෙන බව මට දැනේ. මා සිතුවේ ශෝනාකවදා හෝ මගේ ජීවිතේට යසස රැගෙන කවදා හෝ එයි කියාය. ඇයට සියල්ල අවසාන බව පැවසුවද මෙය අවසානයක් නොවන බව මට ඉතා විශ්වාසය. සමහර විට කවදා හෝ මා මිය යන්න මොහොතකට හෝ පෙර ශෝනාමට යසස රැගෙන එනු ඇත.
අම්මා තවමත් ලෙඩ ඇඳේය. නමුදු ඇයගේ තුවාලය දැන් බොහෝ දුරට සනීප වී ඇත. තව ටික දවසකින් අම්මාට ආයිත් ඇවිදින් පුළුවන් වේවි. රාත්‍රිය එළඹ ඇත. අම්මාට good night කියා ඇයගේ මුහුණ සිඹ මා යලි කතාව කියන්නට පැමිණේ. කතා කියන එක ගැන කියනකොට මට මතක් වෙන්නේ හැම දාම රෑ මන් ශෝනාට මගේ ඇගිලි ගෙවෙනකම් කතා ටයිප් කර ෆේස්බූක් එකට යැවූ හැටිය. නමුත් මා අන්තිමට කියූ කතාව අවසාන කරන්න මට හැකි වුයේ නැත. ඒ ඇය මට හැමදාටම නැතිවන බව දැන ඈ ළඟටම වී කතා කීම මහත් වූ වේදනාවක් වන බැවිනි. ශෝනා, තාම ඒ පුංචි කෙල්ලට කිසිත් නොතේරේ. ඇය තවම  සිටින්නේ ඇයගේ ළමා ලෝකයේය. වෙලාවකට මටත් එහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද.

Read the rest of this entry

අශී 1


මෙන්න තවත් අලුත් කතාවක්.කියවල බලල අදහස් දක්වන්න

 

Read the rest of this entry